- Популярные видео
- Авто
- Видео-блоги
- ДТП, аварии
- Для маленьких
- Еда, напитки
- Животные
- Закон и право
- Знаменитости
- Игры
- Искусство
- Комедии
- Красота, мода
- Кулинария, рецепты
- Люди
- Мото
- Музыка
- Мультфильмы
- Наука, технологии
- Новости
- Образование
- Политика
- Праздники
- Приколы
- Природа
- Происшествия
- Путешествия
- Развлечения
- Ржач
- Семья
- Сериалы
- Спорт
- Стиль жизни
- ТВ передачи
- Танцы
- Технологии
- Товары
- Ужасы
- Фильмы
- Шоу-бизнес
- Юмор
m6 train engine | pattipola railway station | Train ride Sri Lanka #travel #srilanka
රෑට කොළඹින් පිටත්වෙන night mail එකේ vibe එක වෙනමම එකක්. ඒ vibe එක ගැන වැඩිදුර විස්තර අපේ දිට්වා එකට කලින් නෙළු බලන්න ඔහියට ගියපු අන්තිම night mail train ride එක තියන full video එක දාලම ඔයාල එක්ක ඒ මතකයන් share කරගන්නම්.
දශක ගානක් තිස්සෙ Night mail ගමනේ විවිධ හරිම සුන්දර සංදිස්ථාන ගනනාවක් තියනව. ඒ අතරින් ප්‍රසිද්ධම අවස්ථාවක් තමයි පට්ටිපොලදි වෙන දුම්රිය එන්ජින් couple කිරිල්ල. හැම දුම්රිය ලෝලියෙක් ගේම හීනයක් තමයි බදුල්ල නයිට් මේල් එකේ යද්දී පට්ටිපොළ දුම්රිය ස්ථානයේ දී සිදු වන එන්ජින් කපල් කිරිම එහෙමත් නැත්නම් ජර්මන් හාදුව බලන්න ඒ වගේම ඒකෙ පොටො එකක් ගන්න එක.
බදුල්ල බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය බොහෝ විට රුමේනියාවෙහිදි නිෂ්පාදිත මැදිරි 12 ක් හෝ 13 කින් සමන්විතය. පලමු, දෙවන,තෙවන පන්තීන් වල නිදන මැදිරි, සාමාන්‍ය මැදිරි, භෝජනාගාරයක් මෙන්ම තැපැල් සේවයට අයත් මැදිරි දෙකක් ඇතුලුව මෙලෙසෙ මැදිරි 13 ක් සමග ගිරි දුර්ග තරණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේය. මේ සදහා බලය සපයන්නට සැදි පැහැදි සිටින්නේ 1979 දි ශ්‍රී ලංකාවට ආනයනය කල බටහිර ජර්මනියේ නිෂ්පාදිත ලංකාවේ දුම්රිය එන්ජින් අතරින් සාර්ථකත්වය සහ කාර්ෂක්මතාවය අතින් ඉහලින්ම වැජබෙන M6 පන්තියේ ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජිමක්ය.
M6 දුම්රිය එන්ජිම අතීතයේ සිටම උඩරට කදුකරයේ රජ කරන්නට සමත් වූයේ එහි වූ ඩයිනමික් තිරිංග පද්ධතිය සහ සුවිශේෂී ඇක්සල සැකැස්ම නිසාවෙනි. ඒ කෙසේ වුවද මැදිරි 13 ක් සමග අධික බෑවුම් සහිත එම කදු පල්ලම් තරණය එයට තනිවම නම් කල නොහැකිය. කොලොම්පුරෙන් ගමන් ඇරඹි පසු පලමුව හමුවන 1:44 බෑවුමකින් යුත් රබුක්කන සහ කඩුගන්නාව අතර වූ දුර්ගය තරණයට පසුපසින් සහයක එන්ජිමක් වශයෙන් M5 පන්තියේ එන්ජිමක් සවි කරනු ලබන්නේ ඉදිරියට ඇදෙන්නට උත්සහ කරන දුම්රියට පිටුපසින් තල්ලු කොට ගමන පහසු කිරීමටයි. එම ක්‍රියාවලිය හදුන්වන්නේ බෑන්ක් කිරිම යනුවෙන්ය. කඩුගන්නාවේදි M5 සහයක එන්ජිම ගලවා දමන අතර පේරාදෙණියේදි පසුපසම ඇති තැපැල් මැදිරිය ගලවා වෙනත් දුම්රියකට සම්බන්ධ කර මහනුවර බලා යවනු ඇත. නැවත බදුල්ල බලා ගමන් ඇරබි පසු ගම්පොල දුම්රිය ස්ථානයදී තවත් M6 පන්තියේම බෑන්කින් එන්ජිමක් පිටුපසින් සවි කරනු ලබයි. ඒ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොල (අඩි 6204) දක්වා වූ සීඝ්‍ර නැග්ම නිසාවෙනි.
වැඩිම රියදුරන් ගණනක් (6 දෙනෙක්) සහභාගි වන දුම්රිය ගමන මෙය වන අතර නාවලපිටියේදි වඩාත් පලපුරුදු A ශ්‍රෙණියේ රියදුරු මහතුන් සතර දෙනෙකු පාලනය සියතට ගනියි. නානු ඔය දුම්රිය ස්ථානයේදි දුම්රියෙහි සම්පූර්ණ තිරිංග පද්ධති පරීක්ෂාවක් සිදු කරනු ලබන්නේ ඉදිරියේ ඇති දැක්කාම බඩ දන කදු නිසාවෙනි. සෙමෙන් සෙමෙන් අරුණලු නැගෙන අලුයම ජාමය වන විට පට්ටිපොලට ලගා වන දුම්රියෙහි එන්ජින් සැලැස්ම පට්ටිපොල සිට බදුල්ල දක්වා ඇති සීඝ්‍ර බැස්මට සරිලන ආකාරයට වෙනස් කිරීමක් එහිදි සිදු කරනු ලබයි. එහිදි මෙතෙක් සහයක එන්ජිමක් ලෙස පිටුපස තිබූ M6 එන්ජිම ගලවා ඉදිරිපසටම සවිකරනුයෙ ප්‍රධාන එන්ජිම ලෙසය. එය එන්ජින් පයිලට් කිරිම ලෙස හදුන්වයි. එය ව්‍යවහාරයේ ජර්මන් / සීතල හාදුව ලෙස ද හදුන්වයි.
මුල් කාලේ M5 එකක් හරි M5c එන්ජිමක් මේ සදහා භාවිත කරපු නිසා M5 එන්ජින් ජපානයේ නිශ්පාදිත එන්ජින් වන නිසා මේ ක්‍රියාවලිය ජපන් ජර්මන් හාදුව කියල හැදින්වුවත් දැන් මේ සදහා පවිච්චි කරන්නෙ M6 එන්ජින් පමණක් වෙන නිසා හැමෝම මේක හදුන්වන්නෙ ජර්මන් හාදුව කියල.
ඒ තනි එන්ජිමක තිරිංග බලය තියුණු බැස්ම සදහා ප්‍රමාණවත් නොවන බැවින්ය. එසේම එමගින් ඉදිරිපස මැදිරි වලට එන්ජිමෙහි බර සම්ප්‍රේෂණය වීම වලක්වයි. නිකමට හිතලා බලන්න එකක් ටොන් 70ක් බර එන්ජින් දෙකක් සහ මැදිරි 12කින් තියුණු බැස්මකදි ඇතිවන ගම්‍යතාවය?
දැන් ඇත්තේ පිලිවෙලින් ද්විත්ව M6 එන්ජින් සංකලනයකින් යුත් මැදිරි 12 ක ඉමක් නොපෙනෙන දුම්රියකි.
දෙවැනියට ඇති M6 එන්ජිම තිරිංග යොදා නියත මන්දනයකට ලක් කර තබන අතරේ දුම්රිය ගමන ප්‍රධානව පාලනය කරනු ලබන්නේ පසුපස සිට ඉදිරියට ගෙන ආ නව M6 එන්ජිම මගිනි. වැදගත්ම දෙය නම් බෑන්කින් / පයිලට් කිරිම සම්පූර්ණයෙන්ම සිදුවන්නේ පල පුරුද්ද මතය. බලවේග කට්ටල වල මෙන් මේවාට එන්ජින් දෙකම එක්වර තනිව පාලනය කල නොහැකිය. එබැවින් එන්ජින් දෙක රියදුරන් දෙදෙනෙක් විසින් වෙන වෙනම නිවැරදිව සහ ආරක්ෂිතව පාලනය කල යුතුවේ. එන්ජින් දෙක අතර සන්නිවේදනය සිදුවන්නේ නලා මගින්ය.
#Ella #SriLanka #VisitSriLanka #TravelGram #EllaSriLanka #ParadiseIsland #wanderlust
Видео m6 train engine | pattipola railway station | Train ride Sri Lanka #travel #srilanka канала VLOG with KANI

badulla night mail badulla night mail train colombo first class kandy sri lanka luxury sleeper train luxury train travel night journey night mail night mail train night mail train sri lanka night mail train to badulla night train night travel nuwara eliya real life scenic ride scenic route scenic train sl train sleeper train sri lanka sri lanka train sri lanka travel sri lanka travel guide tourism train journey train travel travelling
Комментарии отсутствуют
Информация о видео
9 ч. 5 мин. назад
00:00:45
Другие видео канала