Загрузка...

Exploring Horton Plains | Thotupola | Kande Ela | Ambewela | Pattipola | කොටියන්ගේ අඩවිය

0:01 - 3:35 - Train ride to Pattipola 

3:36 - 06:01 - Pattipola 

08:01 - 09:27 - Room tour 

16:14- 26:24 - Thotupola 

30:28 - 32:48 - Kande Ela

33:13 - 34:38 - Strawberry by Jagro 
ඔන්න අපේ මේ අවුරුද්දේ ඔහිය සංචාරයේදී අපි ගියේ කොහෙද? ලස්සනම ලස්සන තැන් ගොඩකට ගියා. මෙතෙක් නොදැක්ක අමුතුම සුන්දරත්වයක් අපි මේ පාර සංචාරයේදී අපේ ඇස් දෙකට දැක්ක. ඒ ලස්සන ඒ විදිහිටම ඔයාල එක්කත් share කරගන්න තමයි ඔන්න අපි මේ video වලින් උත්සහ කරන්නෙ.
ඔහියට ආපු train ride එක මේ video එකෙදි සවිස්තරාත්මකව නැතත් ඒ ගැන full review එකක් ඔන්න අපේ උඩරට මැනිකෙ video එකේ තියනව. තාම බැලුවෙ නැත්තන් ඔන්න අදම බලන්න. 

අපේ  උඩරට මැනිකෙ video එක 👇
https://youtu.be/qqfu25vtYUc

මේ පාර අපි ඔහියට එන්න කලින් පට්ටිපොලින් බැස්ස. ඔයාලත් දැකල ඇතිනෙ social media වල එහෙම පට්ටිපොල ලස්සන කොල පාටට පාසි තියන බිමට නැමුන ගස් අතරින් ගලාගෙන යන සුන්දර දිය පාරක්. අන්න ඒ මෙච්චර කාලෙකට කවුරුත් නොදැක්ක සැගවුන දියපාර හොයාගෙන යන්න තමයි  අපි පට්ටිපොලින් බැස්සෙ. හැබැයි අපි යද්දිනම් ඒකෙ මිනිස්සු බැහැල බැහැල preshoot කරලම මඩ වෙලා අර කලින් තිබුන ලස්සන එහෙම්පිටින්ම නැතිවෙලා තිබුනෙ. ඉතුරුවෙලා තිබුන සුන්දරත්වය අපිත් විදින ගමන් පුලුවන් විදිහට ඔයාලට පෙන්නන ඔන්න අපි උපරිම උත්සහයක් ගත්ත. 

අපිට අක්කලගෙ ගෙදර room tour එකක් කලින් සැරේ කලාට එකෙ quality එක lighting එහෙම මදි වුන නිසා ගියපාර video එකට අපි ඒක එකතුකලේ නෑ. ඔන්න මේ පාරනම් ලස්සන room tour එකක් ඔයාලට බලාගන්න පුලුවන්.

ඔන්න අපේ දෙවෙනි දවසෙ අපි ඉස්සෙල්ලම ගියේ තොටුපොල කන්දට. අක්කලගෙ threewheel එක එයාල අපිට දුන්න නිසා ඔන්න අපිට නිදහසේ යන්න අවස්තාවක් හම්බුනා අපිට ඔන කරපු තැන් වලට. 

අපි ඇවිදපු දවස් දෙකේම හරිම පැහැදිලි කාලගුනයක් තමයි තිබ්බෙ. මීදුම පිරුන පොදවැස්ස , සීතල හුලග එක්ක තියන ඔහියෙ සුපුරුදු vibe එකට වඩා මෙහෙම පායපුවම තියන්නෙ වෙනනමම  ලස්සනක්. ගස්වල පාටවල් අහසෙ පාටවල් video එක හදනකොට දාපුව නෙමේ. ඒ ඇත්තටම තිබ්බ පාටවල්. කැමරාවෙන දකිනව වගේ නෙමේ ඇත්තටම ඇස් දෙකට දකිනකොට දැනෙන හැගීම. video එකට පේනවට වඩා ඈතට view එක අපි ඇස්දෙකෙන් බලද්දී දකින්න පුලුවන්. හිතට පුන්චි බයකුත් දැනෙනව. මේ ලස්සන අනගතේදි  youtube එකේ travel video වලින් විතරක් දකින්න හම්බෙන දෙයක් විතරක්ම වෙයිද කියල. 😥

තොටුපොල කන්ද ලොකු අමාරු hike එකක් නෙමෙයි. 2km වගේ නිසා හොදට ඇවිදින කෙනෙක්ටනම් උපරිම පැය තුනක් යයි ගිහින් photo අරන් video කරල පරිසරයත් විදල ආයි පහලට එන්න. බෑවුමත් සාපේක්ෂව අඩුයි. 

අපිට වගේම ගොඩක් අයට බය හිතෙන්නෙ. පහල පටන් ගන්න හරියෙදි තියන ටිකක් ගනව වැඩුන වනාන්තර කොටසයි , ඒකත් එක්කම එන කලුවරයි , තොටුපොල කියන්නෙ හොර්ටන් තැන්නෙ වැඩිම කොටි ගහනයක් ගැවසෙන කොටින්ගෙ රාජදානියක් වෙන නිසාවෙනුත් තමයි. උපරිම දෙන්නෙක්වත් ගියොත් එයාලගෙන් කටවත් කරදරයක් වෙන එකක් නැහැ. අද වෙනකන් එහෙම දෙයක් සිද්දවෙලත් නැහැ. හැබැයි එයාලට මිනිමස් රහ වැටුනොතින්නම් ඉතින් ආයි පැත්තපලාතෙ යන්න වෙන එකකුත් නැහැ. 

අපිට වෙලාව ඉතුරුවුන නිසා. අපි තොටුපොලින් පස්සෙ ආව පට්ටිපොල අඹේවෙල පැත්තට. අඹේවෙල ගොවිපොල නම් මේ වෙනකොට වහල සත්තුන්ට හැදිල තියන බෝවෙන ලෙඩක් නිසා. කාටවත් බලන්න දෙන්නෙ නැහැ. අපි කලින් ආව සැරේ අඹේවෙල ගොවිපොල ගැන ලස්සන video එකක් කලා. 

අපේ අඹේවෙල video එක මෙන්න මෙතනින් බලන්න පුලුවන් ඔයාලටත්👇
https://youtu.be/YKZ97lQ3MqM

අපි කන්දෙ අඇල ජලාශය ලගට ගිහින් දවල්ට කාල නිදහසෙ ටිකක් ගිමන් හැරල එනගමන් රසම රස strawberry portion දෙකතුනකුත් රස විදගෙනම ආපහු ඔහියට එන්න පිටත් වුනා.

ඔන්න අපිට ආයි එන්න තිබුනෙත් අපි ගිය පාරෙමයි. හොර්ටන් තැන්න පට්ටිපොල පාරෙන් හොර්ටන් තැන්න හරහ ප්‍රධාන පිවිසුමට ඇවිත් හොර්ටන් තැන්න ඔහිය පාරෙන් ඔහියට යන්න.

අපි ගිය අවුරුද්දේ හොර්ටන් තැන්න ඇතුලට ගිහින් ලෝකන්තය , බේකර්ස් ඇල්ල පැත්තෙ සංචාරය කලා. 

අපේ හොර්ටන් තැන්න video එක👇
https://youtu.be/nKyV7ixcm2A

අපි යනකොට තිබ්බ පරිසරයට වඩා වෙනස්ම කාලගුනයක් අපි එනකොට තිබුනෙ. හොර්ටන් තැන්නට ආවෙනික මීදුම , සීතල පොද වැස්ස එක්ක අදුරු ගතිය හරියට සොබාදහමත් අපේ ගමන හමාර කරනකොට අපිට ආශිර්වාද කරල අපිට සමුදීල පරිස්සමෙන් ගිහින් එන්න ආයිත් බලල යන්න එන්න කියනව වගේ හැගීමක් මටනම් දැනුනෙ.❤️💚🍀🌱🌴🌿🌧️

ඔව් අපි අනිවරෙන්ම ආයිත් එනව. කිරිගල්පොත්ත hike එක යන්න. කදුකර කොටියෙක් ඇස්දෙකටම දැකගන්න අපි අනිවාරෙන්ම ආයිත් එනව. 

හැමතැනින්ම ගොන්නු රංචු පිටින් එලි පෙහෙලියට ඇවිත් එයාලගෙ ආහර ගන්න. කොටි එයාලගෙ අහාර වේල හොයාගන්න දඩයමට බහින වෙලාව හරියටම. කොටින්වම photo ගන්න wild life photographersල එයාලගෙ වාහන නවත්තගෙන දුරදක්න තියාගෙන ලොකු lence තියන camera අටවගෙන එයාලව නිතරම දකින්න හම්බෙන තැන්වල හරිම සීරුවෙන්. අපිත් ටික වෙලාවක් රැදිල හිටිය එයාල එක්ක. 

ඒත් වෙලාව මදි එකෙනෙක්වත් ඇස්දෙකට දැකගන්න අපිට. ඉතින් අපි ආයිත් නෑවිදින් කොහොමද. ඔන්න අපි සමුදුන්න සුන්දර හොර්ටන් තැන්නට. පරන මතක ගොන්නට තවත් ලස්සන අලුත් මතකයන් රොත්තක් එක්කාසු කරගෙනම.
🌿🌱🌴🍀🌦️🌧️💚❤️🐆🦌🏕️🛺

අපි දැකපු ලස්සන ඔයාලත් දකින්න 👇
https://youtu.be/seDP_5OEKwk

#adventure #travel #SriLanka #ceylon #nature #perlofasia #island #waterfall #Ohiya #jungle #nature #hike #trainride #visitsrilanka #travelphotography #Pattipola #Ambewela #Thotupola

Видео Exploring Horton Plains | Thotupola | Kande Ela | Ambewela | Pattipola | කොටියන්ගේ අඩවිය канала VLOG with KANI
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки