Загрузка страницы

Amude 2 - ගෑනු ගෑනුම තමයි අප්පා | අමුඩේ 2 Genu genuma thamai appa | Saman Lenin Nilakshi Helapitiya

#Srilanka #SamanLenin #Amude2

අවසරයකින් තොරව මෙම නිර්මාණය කිසිම අයුරකින් උපුටා වෙනත් කිසියම් ජාලයක නැවත උපුටා දැක්වීම සපුරා තහනම්.
* අප අතින් සිදු වූ වරදක් නිවැරදි කරගන්න ට අවසර දෙනු මැනවි.
නිවැරදි වචනය "ගෑනු" යන්න ය.
වරද පෙන්වා දුන් ප්‍රබොද කහඳගම මහතා ට බොහොම ත් ම පින්.

ආකල්ප, තාක්ෂණයේ අධිභාවිතාව හා සිහිණ ලෝක අතර තනි වීමේ විපාක මත අනිකා මදි වීම නොහොත් පවුල් ආරවුල් ගැන සිවුම් ව උපහාසාත්මක ව විමසූ නිර්මාණයක් ලෙස මෙම නිර්මාණය අප සමාජගත කරමු.

ශ්‍රී ලාංකේය සමාජය වෙනස් වන තැනට මාධ්‍යය නොදැන සේ කටයුතු කර ඇති ආකාරය පිරික්සුවා ම සංස්කෘතිමය දෘෂ්ටියෙන් බැලුව ත් දේශපාලනමය දෘෂ්ටියෙන් බැලුවත් සමාජීය දෘෂ්ටියෙන් බැළුව ත් ආර්ථිකමය දෘෂ්ටියෙන් බැලුව ත් එක ගෙදරින් එක ගල ගානේ එවිය යුතු දැවැන්ත අපරාදයක් බව පෙනේ.

එය කලේ දේශපාලනයෙන්.

එසේ බැලූ කල දේශපාලනය ම Fail.
ඔබේ අනිකා ගේ නුරුස්සන දෑ වෙනත් අයකු උදාහරණය කර ගෙන ඇණීමෙන් වළකින්න. මන්ද ඒ උල තමාට ම හැරෙන්න පුළුවනි.
ගහ, කොල, පොලොව මෙන් නොවේ'
සමාජය - වරදින විට වැරැද්දීම ට අකාරුණිකයි, සූක්ෂමයි.
ඉවසීම
ඇහුංකං දීම
අගේ කිරීම
අගේ ඇති වැඩ කිරීම
අපි කල යුත්තේ ඔබේ අනෙකා වෙනුවෙනි.

ඒ ඔබේ දිවිය සරු කර ගැනීමට ය!

ඔබ ට
වඩා යහපත් යුග දිවියක ට ආසිරි වේවා!

තෙරුවන් සරණයි!

ගී පද : ඩිල්ෂාන් පතිරත්න
සංනාද : සමන් ලෙනින්
ගායනය : සමන් ලෙනින් හා නිලක්ෂි හැලපිටිය
SLMONKYS රූප පළහරක්

ගීතයේ භාවිත සියළු වචන පහතින් අමුණමි.

පි.
පොරොන්දම් 21 ම ගලපලා
රාහු කාලේ පන්නලා
හොඳම නැකතට ඇඳලා නිලමෙට
අහල ගම් හතම හොල්ලලා
ලෝන් ගහලා මඟුල් කාලා
මං ගෙනාවා ගෑණියෙක්
ගැ.
කටින් රට වට බතල හිටුවා
පුරාජේරුව පෙන්නලා
ලස්සෙට කොඩිය දැම්මට
නැට්ට පස්සෙ හංගලා
පූස වගේ අපේ මහගෙදර
බින්න බැස්සා පිරිමියෙක්

පි.
මිනිහා ආවද ඇවිත් කෑවද
කාලා නෑවද නාල කෑවද
දැකලා නෑ මං හොයනවා
ඒ වුණත් මඟහරින්නෙ නෑ අර
හින්දි ටෙලි ටික බලනවා

ගැ.
නොදැන හිටියට පිරිමි typical
ගෑනු freedom හොයනවා
romantic තැන් feel වෙන කොට
අපෙත් ඇඟ පත රිදෙනවා

පි.
මොකද්ද කිව්වේ ඇහුන් නෑ..?

ගැ.
නෑ මේ.... අපෙත් ඇඟපත රිදෙනවා

පි.
ආ.. ඒක මිසක්
මට ඇහුනෙ වෙන කුණුහරපයක්

පි.
මාසෙකට දෙසැරෙක ට වැඩි නෑ
salon ගානෙ දුවනවා
උළං හුණු තලි පිටිං ආවම
පාට වැටෙනව හිතනවා

ගැ.
සරම ගලවපු වළලු බිම - තෙත
තුවා ඇඳ උඩ දානවා
මම ත් මගෙ කට ඇරියොතින් - ඔය
හෙළුව ලෝකෙට පේනවා

පි.
පිලිවෙලක් නෑ ගෙදර වියදම්
සල්ලි මත්තෙ ම නැහෙනවා
හරකා වගේ මං ඉරිද ට යි
හවසට යි OT කරනවා

ගැ.
හපොයි ඔව් ඔව්
පුදුම කැපවීමකින් ඉරිද ට වැඩට යන බව පේනවා
දුඹුරු දිග කෙස් ගසුත් ඉඳ හිට
කමිස වල නම් තියෙනවා

පි.
කෝ කෝ.. ?

ගැ.
මට තමුසෙ එපා

පි.
එපා..?

ගැ.
කියපු වස් කවි කරපු හදි හූනියම්
ගැන මං දන්නවා
අම්මා කියූ තැනකට ගියා නම්
මාත් සතුටින් ඉන්නවා

පි.
ඕං ඕක නේ බැරි ඉතින්
පුංචි දේටත් අඬනවා නේ
ආදරේ ගඟ තාම මගේ මේ පපුව ඇතුලේ ගලනවා හොඳේ

ගැ.
දරුවො බල බල ගෙදර වැඩපල
කොහොම හරි මං කරනවා
එව්ව දැන දැන එව්ව දැක දැක
ආඩපාලි ම කියනවා

පි.
දෙන්නගෙන් අපි කවුරු කෙරුවත්
වැරදි මං - Sorry කියනවා
අදත් වෙනසක් නෑ ඉතිං "SORRY"
වරද මං පිලිගන්නවා

ගැ.
හත්තිලව්වයි'
බත රොස් වෙනවා

පි.
බැඳගෙන ම අත් පා
ඉන්න විට දී ගිරිය පුප්පා
ඈ බණියි අඩි පොළොවෙ හප්පා
ගෑණු ගෑණු ම තමයි අප්පා

ගැ.
මේ ඇහුණද... ?

පි.
අන්න මට කතා කරනවා..

පි.
අඬ දබර කොයි කාගෙ කාගෙත්
ගෙවල් වල නම් තියෙනවා
බත ඉදෙනකන් තමයි ඒවා
ඕං මට අඬ ගහනවා

පි.
මේ එනවා මැණිකේ..
මේ එනවා..

පි.
ඔන්න මට අද ඔයාගෙ අතින්ම
බයියන් කවන්න ඕන හරිද..

ගැ.
මගුලක් කතා කරනවා..
ගෑස් ඉවරයි මිනිහෝ

පි.
ගෑනු ගෑනු ම තමයි අප්පා
........................................................................

Artists - Saman Lenin & Nilakshi Helapitiya
Directed by - Yohan Yash Kamalgoda | Dulanga Mihiraj
Lyrics -Dilshan Pathiratne
Music - Saman Lenin
Mixing and Mastering - Miran Tharindu @ Susara studio
DOP - Sahan Costa
Production Manager - Malith Abeysundara
Art - Salika Mirissage
Art & Animation - Nipuna Fernando
Edit - Yohan kamalgoda @slmonkeys studio
Voice dubbing -Daminda Mendis
Make up artist-Chamara Rajapaksha

All Guitars - Mahendra Pasquel
Flute - Indika Rajintha Lakmal Premawardhana
Violin - Madushanka Rathnayake
Keys - Miran Tharindu
Drums & Percussion - Saman Lenin

The Cast -
Rohini Gunadasa
Gunadasa Helapitiya
Hashani Dhanushi Dissanayake
Piumi Senewirathne
Reshani Iroshika Senarath
Menuja Dulanjith
Senoli Dasansa
Pasindu Warnasooriya

Видео Amude 2 - ගෑනු ගෑනුම තමයි අප්පා | අමුඩේ 2 Genu genuma thamai appa | Saman Lenin Nilakshi Helapitiya канала Saman Lenin
Показать
Комментарии отсутствуют
Введите заголовок:

Введите адрес ссылки:

Введите адрес видео с YouTube:

Зарегистрируйтесь или войдите с
Информация о видео
14 февраля 2021 г. 7:30:38
00:09:36
Другие видео канала
Amude 1 - අමුඩේ නොහොත් වස් ගීය Official Video  Saman lenin - Lyrics by Dilshan PathirathneAmude 1 - අමුඩේ නොහොත් වස් ගීය Official Video Saman lenin - Lyrics by Dilshan Pathirathneසුබ පතනා අන්දම් | Ayubowan | Vanakkam | Namaste Saman Lenin & Nilakshi Helapitiyaසුබ පතනා අන්දම් | Ayubowan | Vanakkam | Namaste Saman Lenin & Nilakshi Helapitiyaඋඩැක්කි කෝළම | Udekki Kolama - Kumara Thirimaduraඋඩැක්කි කෝළම | Udekki Kolama - Kumara ThirimaduraDenna Dena | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music DirectionDenna Dena | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music DirectionHEMALAYA හේමලයා By Saman Lenin & Rodney Warnakula - Giriraj Kaushalya / Priyantha SenevirathnaHEMALAYA හේමලයා By Saman Lenin & Rodney Warnakula - Giriraj Kaushalya / Priyantha Senevirathnaසමන් ලෙනින් & සුදාර D සිල්වා | Saman Lenin & Sudara D Silvaසමන් ලෙනින් & සුදාර D සිල්වා | Saman Lenin & Sudara D Silva1818 Kanda Udarata (කන්ද උඩරට ශුද්ධ භූමියේ) | Saman Lenin1818 Kanda Udarata (කන්ද උඩරට ශුද්ධ භූමියේ) | Saman LeninAmbaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela LiveAmbaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela LiveDosthara Putha | දොස්තර පුතා  | Saman Lenin Official Lyrics VideoDosthara Putha | දොස්තර පුතා | Saman Lenin Official Lyrics Videoලක් වැසියෝ හිටු | Lak wasiyo hitu | Saman Lenin & Nilakshi Helapitiyaලක් වැසියෝ හිටු | Lak wasiyo hitu | Saman Lenin & Nilakshi HelapitiyaHengiyan Mage Penchiye (හැංගියං මගෙ පැංචියේ) | Nilakshi Helapitiya | Pubudu Chinthaka | Saman LeninHengiyan Mage Penchiye (හැංගියං මගෙ පැංචියේ) | Nilakshi Helapitiya | Pubudu Chinthaka | Saman LeninRaigam Tele'es 2018 - Amude - AmbaruwoRaigam Tele'es 2018 - Amude - AmbaruwoNomile Dun Nisa Official Lyrics Video | නොමිලේ දුන් නිසා | Saman LeninNomile Dun Nisa Official Lyrics Video | නොමිලේ දුන් නිසා | Saman LeninSeth Geeya සෙත් ගීය (Suniyam Devi Geethaya) | Saman Lenin | Lyrics : Sheltan WeerarathneSeth Geeya සෙත් ගීය (Suniyam Devi Geethaya) | Saman Lenin | Lyrics : Sheltan WeerarathneNomile Dun Nisa | Review | නොමිලේ දුන් නිසා - විචාරයNomile Dun Nisa | Review | නොමිලේ දුන් නිසා - විචාරයSith vini goyama (සිත් විනි ගොයම) Saman Lenin | Lyrics : Suranga VidanagamageSith vini goyama (සිත් විනි ගොයම) Saman Lenin | Lyrics : Suranga VidanagamageChandra Paayanna (චන්ද්‍රා පායන්න) | SASHIKA | OFFICIAL MUSIC VIDEOChandra Paayanna (චන්ද්‍රා පායන්න) | SASHIKA | OFFICIAL MUSIC VIDEOMa Nowana Mama with Saman Lenin ( 01-12-2017 )Ma Nowana Mama with Saman Lenin ( 01-12-2017 )අනේ මහතුනේ | Ane Mahathune  Saman Lenin Official Video | Lyrics by Dr. JAP Jayasinheඅනේ මහතුනේ | Ane Mahathune Saman Lenin Official Video | Lyrics by Dr. JAP Jayasinhewaram padayata වාරම් පදයට | Saman Lenin | Anuradha Abayasinghe | Dr Chamila Pathiranawaram padayata වාරම් පදයට | Saman Lenin | Anuradha Abayasinghe | Dr Chamila Pathirana
Яндекс.Метрика