Загрузка страницы

සුබ පතනා අන්දම් | Ayubowan | Vanakkam | Namaste Saman Lenin & Nilakshi Helapitiya

#Ayubowan #Vanakkam #Namaste #ආයුබෝවන් #සුබපතනා #සුබපතනා
කපිල රස්නායක, Florin (Thank you very much brother), ඉන්දික රජින්ත, බුද්ධික පෙරේරා මේ කාර්‍යයේ දී දැක්වූ විශේෂ සහය වෙනුවෙන් ඔබට බොහොම ත් ම ස්තුතියි!
2020 අප්‍රේල් 12 වෙනිදා මා කල යෝජනාව වූයේ "අපේ ආචාර ක්‍රමය හා අපේ කම්" ගැන එළිදක්වන්න ට නියමිත ගීතයක් සඳහා ඔබේ ආයුබොවන් කියාගෙන සිටිනා පිංතූර ඔබේ කැමැත්ත මත එවන ලෙසය. මා සිතුවේ නැති ප්‍රමාණයක් දිනක් ඇතුළත ඔබ විසින් එවීම හේතුවෙන් එම පෝස්ටුව ගලවා දැමීම ට නැවත මට සිදු විය.

මා හට අවශ්‍ය වූයේ පිංතූර 40ක උපරිමයකි. එහෙත් එවූ පිංතූර සංඛ්‍යාවෙන් 70ක ප්‍රමාණයක් මෙම වීඩියෝව වෙත අප යොදා ගන්න ට කටයුතු කලේ ආදරණීය වැදගත් ඔබ සැමගේ හිත සතුට ට පත් කිරීමට ය.

එවූ පිංතූර වලින් යොදා ගැනීම ට අපහසු ම වූ පිංතූර කිහිපයක් අකමැත්තෙන් උවද ඉවත් කිරීම ට සිදු වූ බව කරුණාවෙන් සලකනු මැනවි.

පිංතූර එවීමේදී ඔබේ නම සඳන් කර නොඑවා තීබීම ත් දරුවන් ගේ නම් සෙවීම ත් තම සහෝදර සහෝදරියන් ගේ පිංතූර එවීම ත් Whatsapp, Viber මගින් පිතූර එවීම ත් කරන කොට ගෙන පිංතූර වල අනන්‍යතාවය අප හට සොයා ගැනීම ට නොහැකි විය.

එහිදී අප වීඩියෝ සැලසුම්කරු වූ ඉන්දික රත්නායක සහෝදරයා කල යෝජනාව ට මා ද එකඟ වූයේ මේ මොහොතේ පවතින වැඩක් කිරීමට පවතින අපහසුතා නිසා ම ය.

*එම නිසා මෙම වීඩියෝවේ කාගේ වත් නම් සඳන් නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.

මෙම වීඩියෝවේ දිවයිනේ විවිධ ක්ෂේත්‍ර වල වැඩ කල, වැඩ කරන ගෞරවණීය මිනිසුන් පිරිසකගේ පිංතූර ඔබට දැක ගත හැකි වේවි. විශේෂඥ වෛද්‍යවරුන්, විදුහල්පතිවරු, ප්‍රවීණ සංගීත වාද්‍ය ශිල්පීන්, නිවේදක නිවේදිකාවන්, නීති ක්ශේත්‍රයේ බුද්ධිමතුන්, ගේය රචකයන්, විදේශිකයින්, ක්‍රීඩකයන්, රංගන ශිල්පීන්, ඉහල ව්‍යාපාරිකයන් හා ඔවුන් ගේ දරුවන්, ගුරුවරුන්, සමාජ ක්‍රියා කාරිකයින්, නර්ථන ශිල්පී හා ශිල්පිනියන්, පිට රට වෙසෙන ගෞරවණීය බුද්ධිමත් හිතවතුන් හා දරුවන්, රේගු නිලධාරීන් හා ඉහත සඳන් කල දෙමව්පියන් ගේ දරුවන් ගේ පිංතූර මෙම වීඩියෝවේ ඔබට දිස් වේ.

ගීතය මා සිතුවා ට ත් වඩා ලස්සන ට නිම කර ගන්න ට දායකත්වය දුන් ඔබ සැමට මාගේ ශීර්ෂ ප්‍රනාමය පුදමි.

ගීතය රසවිඳින ගමන් හැකි නම් හරිය ට ම ඔබේ හෝ ඔබ දන්නා කෙනා ගේ පිංතූරය වීඩියෝවේ පෙනෙන තැනට අදාල වෙලාව නිවැරදිව ද නම ද (වම් පස ද දකුණු පස ද මැද ද ඉන්නේ ලෙස) Comments තීරුවේ සඳහන් කරන්න.

කපිල රස්නායක, Florin, ඉන්දික රජින්ත, බුද්ධික පෙරේරා මේ කාර්‍යයේ දී දැක්වූ විශේෂ සහය වෙනුවෙන් බොහොම ත් ම ස්තුතියි!

අප හා නිර්මාණයක ට සම්බන්ද වූ ඔබ සැමට තෙරුවන් සරණයි! දෙවි රැකවරණයි!

පරිස්සමෙන් 🙏

සමන් ලෙනින්
එක්කහු කර ගන්නවා
නිලක්ෂි හැලපිටිය ත්
ප්‍රවීණ ගී පද රචක වසන්ත කුමාර කොබොවක මහතා ව ත්!
😀😀😊
සුබ පතනා අන්දම්..////

සුද්දා අතටත දුන්නේ අනෙකා දකුණත අවියක් ඇතැයි සිතාලා....
හැමදා ම ත් හතුරා අසල ම ඇති කියලා
සිත සැකයෙන් පිරිලා
අවියක් ඇත සිතලා
පෙරදිග අපි අත් එක් කොට
කිව්වේ ආයුෂ බෝ වේවා කියලා...
හතුරා මිතුරා - කොයි කාටත් අපි
දෙවියනි රැක දෙන්නැයි පතලා..

ආවඩා ආයිබේ...

රස්සා කරගෙන හිටියට කම් නැහැ
මෙහෙ වාගෙද එහෙ කියනු එපා...
සුද්දා කළ කී හැම දේ හොඳ යැයි කියලා
කටමැත දොඩනු එපා
රට ගිනි තියනු එපා...
ගම්මානෙට ගොස් - බලනුය සකියනි
කොස් දෙල් පොල් හැම අත පිරිලා...
වැට මායිම් නැත කාටත් අවිදින්
බෙදා හදා ගන්නැයි කියලා....

බෝ පත ඉහල ට ඔසවා බලනු ය
දෙඅත් බැඳන් සිටිනා අන්දම් ....
නෙලුම් කැකුළ දිය මත බලනු ය
දෙඅත් බැඳන් පුදනා අන්දම්....
බුලත් හුරුල්ල ත් පෙනුමෙන් හැඩයෙන්

දෑත් බැඳන් ඉන්නා අන්දම්..//
වැඳුම් පිදුම් හුරු දෑත ම එක් කොට
සෙත් පිරිත ට - ගරු කළ අන්දම්...//
දුටුව ද මහතුනි බටහිර ඇත්තොත්
දෑත් බැඳන් අනුන ට සුබ පතනා අන්දම්

සුබ පතනා අන්දම්..//////////

ගායනය : සමන් ලෙනින් නිලක්ෂි හැලපිටිය
සxනාද : සමන් ලෙනින්
ගී පද : වසන්ත කුමාර කොබොවක

Видео සුබ පතනා අන්දම් | Ayubowan | Vanakkam | Namaste Saman Lenin & Nilakshi Helapitiya канала Saman Lenin
Показать
Комментарии отсутствуют
Введите заголовок:

Введите адрес ссылки:

Введите адрес видео с YouTube:

Зарегистрируйтесь или войдите с
Информация о видео
30 апреля 2020 г. 7:30:12
00:04:21
Другие видео канала
PALU SITHUWILI by NILAKSHI HELAPITIYA - පාලු සිතුවිලි - නිලක්ෂි හැලපිටියPALU SITHUWILI by NILAKSHI HELAPITIYA - පාලු සිතුවිලි - නිලක්ෂි හැලපිටියMalsaro by Nilakshi Helapitiya ("මල්සරෝ " නිලක්ෂි හැලපිටිය )Malsaro by Nilakshi Helapitiya ("මල්සරෝ " නිලක්ෂි හැලපිටිය )Haththilove Short - #හත්තිLOVEshort #trending  #samanleninsongs #samanleninnewsongs #sinhalasongsHaththilove Short - #හත්තිLOVEshort #trending #samanleninsongs #samanleninnewsongs #sinhalasongsSanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Trailer 1 | Coming SoonSanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Trailer 1 | Coming SoonRathu Ahase - Nilakshi HelapitiyaRathu Ahase - Nilakshi HelapitiyaIRATU RATAA BY NILAKSHI HELAPITIYA - ඉරටු රටා - විශාරද නිලක්ෂි හැලපිටියIRATU RATAA BY NILAKSHI HELAPITIYA - ඉරටු රටා - විශාරද නිලක්ෂි හැලපිටියNil Katarolu desNil Katarolu desSaman Lenin New SongSaman Lenin New SongNumbe Kotaha - Saman lenin - Darshana wickramathunga (Music) - Darshana Abeysinha (Lyricks)Numbe Kotaha - Saman lenin - Darshana wickramathunga (Music) - Darshana Abeysinha (Lyricks)Sinha Dhajaya Adakumbu kara (සිංහ දජය අඩකුඹු කර) - Nilakshi HelapitiyaSinha Dhajaya Adakumbu kara (සිංහ දජය අඩකුඹු කර) - Nilakshi Helapitiyaසුද්දි | Suddi Saman Lenin | Rohana Kelum Sirisooriya Lyrics | Amith liyanage Musicසුද්දි | Suddi Saman Lenin | Rohana Kelum Sirisooriya Lyrics | Amith liyanage MusicHang Drum experience - Saman Lenin - Official VideoHang Drum experience - Saman Lenin - Official VideoGaruda Muhurthaya Song | ගරුඩ මුහුර්තය | Saman Lenin & Nilakshi Helapitiya | Priyal WeerasingheGaruda Muhurthaya Song | ගරුඩ මුහුර්තය | Saman Lenin & Nilakshi Helapitiya | Priyal WeerasingheBeautiful sound of MaddalayaBeautiful sound of MaddalayaSUBSCRIBERS ලක්ෂයට බොහොම ස්තුතියි | 100K SUBSCRIBERS | Thank You Very MuchSUBSCRIBERS ලක්ෂයට බොහොම ස්තුතියි | 100K SUBSCRIBERS | Thank You Very MuchSenorita by Saman Lenin - සිංඥොරීතා - සමන් ලෙනින්Senorita by Saman Lenin - සිංඥොරීතා - සමන් ලෙනින්Deshapalaka Gahalayan Umbala - Saman Lenin - Rajee Wasantha WelgamaDeshapalaka Gahalayan Umbala - Saman Lenin - Rajee Wasantha WelgamaMelbourne diaries #musicMelbourne diaries #musicKusa Nirindu Mama | කුස නිරිඳු මම | Saman Lenin New SongKusa Nirindu Mama | කුස නිරිඳු මම | Saman Lenin New SongSanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Nilakshi Helapitiya (Official Music Video)Sanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Nilakshi Helapitiya (Official Music Video)Chirath Kalayak (චිරාත් කාලයක් තිස්සේ) - Saman Lenin (Official Lyrics Video)Chirath Kalayak (චිරාත් කාලයක් තිස්සේ) - Saman Lenin (Official Lyrics Video)
Яндекс.Метрика