Загрузка...

Jaya Piritha ජය පිරිත #sethpirith #jayapiritha

#jayapiritha Jaya Piritha #sethpirith
ජය පිරිත කියන්නේ යතිවරුන් විසින් ඉතාමත් හොඳ, සුභ, ගණ පිහිටුවලා හදපු එකක්. එහි ඇත්තේ සුබ පරමාර්ථයි. මෙහි චේතනාවන් පාරිශුද්ධයි. ඒ නිසා මෙය නිතර ශ්‍රවණය වන විට, කියන කොට ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙනවා. මෙය පසු කාලීනව පිරිත් පොතට එකතු කළ පිරිතක්. ජය පිරිතේ තුනුරුවන් ගුණ සමඟ මහානුභාව සම්පන්න ආශිර්වාදාත්මක බලයක් අන්තර්ගතයි. මෙය තරම් සිංහල, බෞද්ධ ජන හදවත්වලට මුල් බැස ගත් වෙනත් පිරිතක් නැති තරම්. ඊට හේතුව මේ පිරිතෙන් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදායම කියැවෙන නිසයි.

තෙරුවන් ගුණ හා ආනුභාවය
බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ගේ ආනුභාවයෙන් ද, මේ ආදී ආකාරයට තෙරුවන් ගුණ හා එහි ආනුභාවය ගැන කියැවෙනවා. ඒ වගේම පිරිත සැකසිලා තියෙන ආකාරයට මිනිසුන්ගේ සිත් වහාම ඇද බැඳ ගන්නවා. අනෙක් පිරිත් ද එසේ වුවත් මෙහි විශේෂත්වයක් තියෙනවා.

"ද්වත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන අසිත්‍යනුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන අට්ඨුත්තරසතමංගල ලක්ඛණානුභාවේන, ජබ්බ්ණ්ණ රංස්‍යනුභාවේන, කෙතුමාලානුභාවේන, දසපාරමිතානුභාවේන, දසඋප පාරමිතානුභාවේන, දසපරමත්ථපාරමිතානුභාවේන, සීලසමාධිපඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන, තේජානුභාවේන, ඉධ්‍යානුභාවේන, බලානුභාවේන, කෙය්‍යධම්මානුභාවේන, චතුරාසිතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලොකුත්තරධම්මානුභාවේන අට්ඨංගිකමග්ගානුභාවේන"

යනාදී වශයෙන් බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ගැන කියැවෙනවා. අසූවක් අනුව්‍යංජන ලක්ෂණ ගැන සඳහන්. ෂඩ්වර්ණ, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා, සීල, සමාධි, ප්‍රඤ්ඥා

ඒ වගේම මේ ආදී ආකාරයේ සෑම දෙයක්ම මෙහි ඇතුළත්. මෙහි සඳහන් ආනුභාවයන් පිළිබඳ මහත් වූ ගෞරව භක්තියෙන් යුක්තව සජ්ඣායනා කරමින් ශාන්තියක් ප්‍රාර්ථනා කෙරනවා. සමස්ත ත්‍රිපිටකයම මේ පිරිත තුළ ඇතුළත් කරලා තිබෙන නිසයි මේ තරම් ආනුභාවයක් මෙහි තියෙන්නේ. මෙය ශ්‍රවණය කරන කොට වෙනත් පිරිතක් ශ්‍රවණය කරනවාට වඩා මිනිසුන්ගේ සිත් ඇද බැඳ ගන්නවා. ඒ විදිහටයි මේ පිරිත හැදිලා තියෙන්නේ. පිරිතේ නමේ තියෙන්න‍ෙත් “ජය” පිරිත වශයෙන්. ඉතින් නමෙන්ම පැහැදිලි වෙන්නේත් ජයක් අත්පත් කර දෙන්නට මෙයට සුවිශේෂි බලයක් හා හැකියාවක් ඇති බවයි.

ඒ වගේම ජය පිරිතේ ඉතාම අලංකෘත පද වැලකුත් අන්තර්ගත වෙනවා. එය ඉතාමත් කර්ණරසායනයි. ඒ වගේම ශ්‍රව්‍ය ගෝචර පද වැලකුත් මෙහි තියෙනවා. මෙහි අනුප්‍රාස රසයක් තියෙනවා. ඕනෑම පිරිතක් ශ්‍රව්‍ය ගෝචර විය යුතුයි. පිරිතක් කියලා කියන්නේ බල සම්පන්න දෙයක්. එය ඉතාම අලංකාරව, තාලයකට, ශ්‍රව්‍ය ගෝචරව හා කර්ණරසායනිකව තිබ්බොත් පමණයි, මිනිසුන් මෙය ශ්‍රවණය කරන්නේ. ඒ වගේම ඕනෑම දෙයක් අමිහිරියි නම් රසයෙන් තොරයි නම්, කිසිවෙකුත් ඒවා අසන්නෙත් නෑ. වැලඳගන්නෙත් නෑ. මේ පිරිතේ සැකසී ඇති සෑම පදයකම තුරුණුවන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙන විදිහටයි සකසලා තියෙන්නේ.

"චතුරාසිතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලොකුත්තරධම්මානුභාවේන අට්ඨංගිකමග්ගානුභාවේන, අට්ඨසමාපත්ත්‍යානුභාවේන, ජලභිඤ්ඤානුභාවේන, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛානුභාවේන, සබ්බපාරමිතානුභාවේන, රතනත්තය සරණානුභාවේන, තුය්හං සබ්බරෝග සෝක උපද්දව දුක්ඛදෝමනස්සුපායාසා විනස්සන්තු. සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු දීඝායුකෝ හෝතු සතවස්සජීවේන සමංගිකෝ හෝතු සබ්බදා."

මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සකලවිධ ධර්මස්කන්ධය අසූහාරදාහයි කියල කියැවෙනවා.

"චතුරාසීති සහස්සධම්මක්ඛන්ධානුභාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තෙ රෝගා, සබ්බේ තේ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තෙ උපද්දවා, සබ්බේ තෙ දුන්නිමිත්තා, සබ්බේ තෙ අවමංගලා විනස්සන්තු."

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ආනුභාවේන්ද ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා.

මෙයින් විස්තර කෙරෙන්නේ ඇති වී තිබෙන සියලුම රෝග, අන්තරා, උපද්‍රව යනාදී සියල්ලම දුරු වේවා කියලා ප්‍රාර්ථනා කිරීමයි. මේවා මිනිසුන්ට තිබෙන දුක් කරදරයි. මිනිස්සුන්ට රෝග තියෙනවා. ව්‍යසන තියෙනවා. අන්තරා තියෙනවා. උපද්‍රව තියෙනවා. මේවා තියෙනකොට "ජය පිරිත" නිතර ශ්‍රවණය වෙනකොට, කියනකොට අන්තරා දුරු වේවා කියලා ප්‍රාර්ථනා කළ යුතුයි. ඒ වගේම පිරිත කියලා කියන්නේ සත්‍ය පදනම්කොට ගත් මහානුභාව සම්පන්න ශාන්ති කර්මයක්. එය මිනිස් කට හඬින් ඉතා විශාල බලපෑමක් අවට පරිසරයට ලබා දෙනවා. අපි කුඩා කල අපේ මව්පියෝ අපට පෙන්නලා දීලා ‍තියෙන දෙයක් තමයි, ගෙවල් ළඟ තියෙන ගස්වල ඵලදාව වැඩියි කියලා. එයින් පෙනෙන්නේ මිනිස් කටහඬ නිතර ඇසෙනකොට එය අවට පරිසරයට තද බලපෑමක් කරන බවයි. පසුගිය කාලවකවානුවේ විද්‍යාඥයන් පිරිසක් ඉතාලියේ ඇපල්වතු දෙකක් අරගෙන පර්යේෂණයක් සිදු කළා. එහි එක වත්තක ඉතා මිහිරි ශබ්දය ඇති තැටියක් වාදනයට සැලැස්සුවා. අනෙක් වත්තේ කිසිදු මිනිස් ශබ්දයක් හෝ කටහඬක් ඇසෙන්නට සැලැස්සුවේ නැහැ. මෙහි අවසන් ප්‍රතිඵලය ගත්තාම දැනගන්නට ලැබුණේ අර ඉතා කර්ණරසායන මිහිරි කටහඬ ඇති ඇපල් වත්තේ ඵලවැල බොහෝමයක් තිබීමයි. ඒ වගේම ඒවා ඉතා මිහිරි රසයකින් ද යුක්ත වීමයි.

Видео Jaya Piritha ජය පිරිත #sethpirith #jayapiritha канала Echoes of Dhamma
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки