Загрузка...

Dasa Disa Piritha දස දිසා පිරිත #sethpirith #dasadisapiritha #pirith

Dasa Disa Piritha - දස දිසා පිරිත #sethpirith #dasadisapiritha #pirith #bana

චූල ජිනපංජරය නොහොත් දස දිසා පිරිත
ඔබ වෙත ගෙන එන්නේ බොහෝ දෙනෙක් දන්නා නමුත් එහි ඇති කෝටියක් ගුණ ඵල ගැන නොදන්නා දස දිසා පිරිත නොහොත් චූල ජිනපංජරය පිළිබඳවයි. බුදුන්වහන්සේ රෝගී වූ අවස්ථාවක චුල්ල මහරහතන් වහන්සේ විසින් මෙම පිරිත දේශනා කරන ලද බව දැක්වෙයි.

උතූම් වූ පියදස්සී බුදුන් උතුරු දෙසින්ද, පදුම බුදුන් නැඟෙනහිර දිශාවෙන්ද, කාශ්‍යප බුදුන් දකුණින්ද, සිඛී බුදුන් බටහිරෙන්ද, ගිනිකොන දෙසින් රේවත බුදුන්ද, මංගල බුදුන් නිරිතෙන්ද, වයඹින් මේධංකර බුදුන්ද, ඊසානින් දීපංකර බුදුන්ද වැඩ සිටිති. පොළොවෙහි කකුසද බුදුන්ද, අහසෙහි සරණංකර බුදුන්ද වැඩ සිටිති. දස දිසාවන්හි වැඩ සිටිනා මේ සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් සෑම අතින්ම සිදුවන රෝග පීඩා සියලු අනතුරු ඇතුළු කෝටියක් උපද්‍රව විනාශ වේවා!යි යන්න මේ පිරිතෙහි ආශිර්වාදයයි.

ධර්මය ඔෟෂධයක් කරගන්න යන බුදුවදන ගරුකොට ගනිමින් බුදුවරුන් දස දෙනෙක් දිශා ගත කොට වැඩහිඳින්නේ යැයි සිතා ගනිමින් මෙම පිරිත නිතර භාවිත කිරීමෙන් ග්‍රහ අපල දුරුවේ. අනවින, කොඩිවන, හදිහූනියම් නොවදී. යක්ෂ, දේව, රජ, සොර සතූරු ගිනි ආදියෙන් ඇති වන උවදුරුද, අමනුෂ්‍යයන්ගෙන් තිරිසන් සත්ත්වයන්ගෙන් ඇතිවන උවදුරු නැතිවී යයි.

දිසාසු දසභාගේසු – ඨිතා බුද්ධානුභාවනෝ

වේරාපි අන්තරායාපි – විනස්සන්ති අසේසතෝ

ඒවමාදී ගුණෝපේතං – පරිත්තං තං භණාමහෙ

පදුමුත්තරෝ පුරත්ථිමායං – අග්ගිම්හිචෙව වෙතෝ

දක්ඛිණෙ කස්සපෝ බුද්ධෝ – නේරුතේ ච සුමංගලෝ

පච්ඡිමේ ච සිඛී බුද්ධෝ – වායව්යාර මෙධංකරෝ

උත්තරෝ පියදස්සීච – ඊසානේ දීපංකරෝ

පථව්‍යා කකුසන්ධෝ ච – ආකාසේ සරණංකරෝ

අව්වන්තරායා සබ්බේ තේ – සෝක රෝග භයාපි ච

විනස්සන්තු සදාතුය්හං – සබ්බිරියා පථෙසු ච

යක්ඛාදිදෙවතාභි ච – රාජචෝරාරි අග්ගිහි

අමනුස්සේහි සබ්බේහි – තිරච්ඡාන ගතෙහි ච

ජාතා උපද්දවා සබ්බේ – විනස්සන්තු අසේසතෝ

සිරස්මිං තෙ බුද්ධ සෙට්ඨො – සාරිපුත්තෝ ච දක්ඛිණෙ

වාමංසේ මොග්ගල්ලානෝ තෙ – පුරතො පිටකත්තයං

පච්ඡිමෙ ත්ව ආනන්‍ෙදා – චතුද්දිසා ඛිණාසවා

සමන්තා ලෝකපාලා ච – ඉන්දදෙචො ච බ්‍රහ්ම ච

එතේසං ආනුභාවේන – සබ්බුපද්දමුපද්දවා

අනේකා අන්තරායාපි – විනස්සන්තු අසේසතො

ඔබට සම්මා සම්බුදු සරණයි!

Видео Dasa Disa Piritha දස දිසා පිරිත #sethpirith #dasadisapiritha #pirith канала Echoes of Dhamma
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки