Загрузка...

Damsak Pawathum Suthraya | දම්සක් පැවතුම් සූත්‍රය | Dhammachakka Sutta

දම්සක් පැවතුම් සූත්‍ර‍ය #pirith #pirithchanting #pirithsutra #pirithsinhalafull #pirithsinhala #damsakpawathumsuthraya

අප බුදුරජාණන් වහන්සේ වෙසක් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී පස්මරුන් පරදවා සියල්ල දැන ලොවුතුරා බුදු බවට පැමිණීමෙන් පසු සත්සතියක් ගත කොට අටවන සතියේ මහා බ්‍ර‍හ්මයාගේ ආරාධනාව පිළිගෙන වදාරා බරණැස ඉසිපතනයට වැඩම කොට දස දහසක් සක්වලින් පැමිණි දේව බ්‍ර‍හ්ම ගණයා පිරිවරා සිටියදී අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි තවුසන් පස්දෙනා අමතා දම්සක් පැවතුම් සූත්‍ර‍ය වදාළ සේක. එය තථාගතයන් වහන්සේගේ ප්‍ර‍ථම ධර්ම දේශනාව ය. ඒ සූත්‍ර‍ ධර්මය ශ්‍ර‍වණය කිරීමෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤා තවුසාණෝ සෝවාන් ඵලයට පැමිණියහ. අටළොස් කෝටියක් දේව බ්‍ර‍හ්මයෝ ද ධර්මය අවබෝධ කර ගත්හ. තථාගතයන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වන ඒ සූත්‍ර‍ය රාත්‍රි කාලයේ සජ්ඣායනයට ඉතා යෝග්‍ය ධර්මයෙකි. මෙය ඉතා ගෞරවයෙන් සජ්ඣායනා කළ යුතු ය. ආරම්භයේ දී මුව පිරිසිදු කරගෙන සුදුසු තැනක වාඩි වී පොත ද සුදුසු තැනක තබා ගෙන සජ්ඣායනාව පටන් ගත යුතු ය. සූත්‍ර‍ය සජ්ඣායනා කරන අතර අන් කථා නො කළ යුතු ය. සූත්‍ර‍ය කියා අවසන් නො කොට සජ්ඣායනාව නො නැවැත්විය යුතු ය. මෙය දෙවියන්ට ප්‍රිය දෙවියන් ගරුකරන, අසනු කැමති සූත්‍රයෙකි. එබැවින් දේවතාරාධනාව ද කොට සූත්‍ර‍ය සජ්ඣායනා කළ යුතු ය.

දේවතාරාධනාව මෙසේ කරනු.

යේ සන්තා සන්තචිත්තා, තිසරණ සරණා එත්ථ ලෝකන්තරේ වා,

භූම්මා භූම්මා ච දේවා, ගුණ ගණගහනා, බ්‍යාවටා සබ්බකාලං,

ඒතේ ආයන්තු දේවා, වරකනකමයේ, මේරුරාජේ වසන්තෝ,

සන්තෝ සන්තෝ සහේතුං, මුනිවරවචනං, සාධවෝ මේ සුණන්තු.

උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.

Видео Damsak Pawathum Suthraya | දම්සක් පැවතුම් සූත්‍රය | Dhammachakka Sutta канала The Lotus Path
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки