Загрузка страницы

Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව

5 දෙනක් මරා නංගී වෙනුවෙන් වසර 41 ක් රටේ ජනපතිවරුන් සහ ප්‍රභූන් සමග සිරබත් කෑ හිතුමතේ ජීවිතේගේ කතාව

#හිතුමතේ #ජීවිතේ......

තම ආදරණීය නැගණිය වූ කුසුමාවතී වෙනුවෙන් කළුතර සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" සාධාරණය ඉටුකර ආපසු හැරී බලන විට... මිනී මැරීමේ චෝදනා 4ක් සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනය අපේක්ෂාවෙන් සිටින්නෙක් වී තිබුණා. කෙලෙසා මරා දැමූ නැගණිය වෙනුවෙන් විමුක්තිය ලබා දුන් පසුව මරණය අපේක්ෂාවෙන් සිටි ඔහුට කිසිදු තීන්දුවක් ගැන ගැටලුවක් තිබුණේ නෑ. පසුකාලීව මරණ දණ්ඩනය වසර 90ක සිර දඬුවමක් දක්වා ලිහිල් වුණා..
අවුරුදු 17 දී සිරගත වන ඔහු වසර 41ක් සිර මැදිරියක ජීවිතය ගෙවා දමා 2013 නොවැම්බර් 24 වන දින චෝදනා වලින් නිදොස් කොට නිදහස ලබා බන්ධනාගාරයෙන් එළියට එන විට වසර 58ක වියපත් මිනිසෙකුව සිටියා. ලෝකය මෙන්ම ඔහු ද බොහෝ සේ වෙනස් වෙලා.
බන්ධනාගාර සිර මැදිරියේ දී තමන් හදුනාගත් මිනිහෙක් රටේ නායකයා වී තමන් වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරාවි යැයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇති. දෛවය විසින් ජීවිතය පුරාවට සරදමට ලක් කළ මේ මිනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් නිදහස ලබනවා....

"හිතමතේ ජීවිතේ" ගෙවා දැමූ සුමතිපාල හරි අහම්බෙන් පහුගිය දා දුම්රිය වැඩ වර්ජනය මැද කැමරා ඇසට අසුවෙනවා. වෙව්ලන දුබලව ගිය දෑත්, බයාදු මුහුණ, සියල්ල අතරේ තවමත් බලාපොරොත්තු සහගතව දිලිසෙන ඇස්.. පුවත් පත් ලිපි වලින් කියවූ චිත්‍රපට පිටපතක් හා සමාන ඔහුගේ ජීවිත කතාව යළි ආවර්ජනය වුණා...
පෝරකයට නංවා තොණ්ඩුව ගෙලට දැමීමෙන් පසුව ද ජීවත් වෙන්නට වරම් ලැබූ එකම ලාංකික සිරකරුවා ඔහුය... ශිෂ්‍ට සම්පන්න සමාජය විසින් වීරයෙක් ලෙස බාරගත් මිනීමරුවා ඔහුය....

ජීවිතේ සැදෑ සමය ගෙවන "හිතුමතේ ජීවිතේ" අවසන් ගමන් යන්නට පතන ආකාරය ඔහුගේම කවි බසින් මෙසේය.....

අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා.....

බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා.....

- සුරේශ් නුවන් තාරක - #ChaturaAlwis

Видео Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව канала Chatura Alwis
Показать
Комментарии отсутствуют
Введите заголовок:

Введите адрес ссылки:

Введите адрес видео с YouTube:

Зарегистрируйтесь или войдите с
Информация о видео
11 августа 2018 г. 19:59:20
00:39:30
Другие видео канала
පොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TVපොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TVමම මාළුකාරයෙක් - උගතුන්ට දැනෙන්න කියන කතාව  | Talk With Chatura (Full Episode)මම මාළුකාරයෙක් - උගතුන්ට දැනෙන්න කියන කතාව | Talk With Chatura (Full Episode)හිතුමතේ ජීවිතේට ඇප ලබා දීල නිදහස් කරගත්තාහිතුමතේ ජීවිතේට ඇප ලබා දීල නිදහස් කරගත්තාමරදන්කඩවල යකඩයා ගැන ඔබ නොදත් විශ්මිත කතාව - Maradankadawala Jinadasa alias Yakadayaමරදන්කඩවල යකඩයා ගැන ඔබ නොදත් විශ්මිත කතාව - Maradankadawala Jinadasa alias YakadayaSangeeth Wijesuriya | සංගීත් විජේසූරිය | Talk With Chatura  (Full Episode)Sangeeth Wijesuriya | සංගීත් විජේසූරිය | Talk With Chatura (Full Episode)මරු සිරා සහ ඔහු සිදුකල ඝාතන පිළිබද ඇස දුටුවන් කතාකරයි | WANESA TVමරු සිරා සහ ඔහු සිදුකල ඝාතන පිළිබද ඇස දුටුවන් කතාකරයි | WANESA TVHithumathe Jeewithe | හිතුමතේ ජීවිතේ කතාවHithumathe Jeewithe | හිතුමතේ ජීවිතේ කතාවහිතුමතේට මොකද උනේ - විහාරා සමසිංහ සියළු ඇත්ත හෙළි කරයිහිතුමතේට මොකද උනේ - විහාරා සමසිංහ සියළු ඇත්ත හෙළි කරයිබන්ධනාගාර වලින් පැන වාර්ථාවක් තැබූ චීනා මරා දැමුවේ කවුද | WANESA TVබන්ධනාගාර වලින් පැන වාර්ථාවක් තැබූ චීනා මරා දැමුවේ කවුද | WANESA TVවන්ෂොටි ගේ සැබෑ ජීවිත කතාව එළියට | WANESA TVවන්ෂොටි ගේ සැබෑ ජීවිත කතාව එළියට | WANESA TVලංකාවේ කෝටිපති මැටි ව්‍යාපාරිකයා | Talk with Chatura (Full Episode)ලංකාවේ කෝටිපති මැටි ව්‍යාපාරිකයා | Talk with Chatura (Full Episode)Travel With Chatura | මට අවජාතකයා කියලා බනිනවා  (Vlog 226) (ENG SUB)Travel With Chatura | මට අවජාතකයා කියලා බනිනවා (Vlog 226) (ENG SUB)Maha Ulu Gedara (මහ උළු ගෙදර)  Part 01 @Sri Lanka RupavahiniMaha Ulu Gedara (මහ උළු ගෙදර) Part 01 @Sri Lanka Rupavahiniහිතුමතේ ජීවිතේ සම්පූරණ කතාව-අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියාහිතුමතේ ජීවිතේ සම්පූරණ කතාව-අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියාමේ හිඟන පැටියගෙන් පුදුම වදයක් කියලා ටවුමෙදි ටොකු ඇනලා පැන්නුවා|ලෑලි කාමරේ ඉපදී කෝටිපති වූ Mr.කොත්තුමේ හිඟන පැටියගෙන් පුදුම වදයක් කියලා ටවුමෙදි ටොකු ඇනලා පැන්නුවා|ලෑලි කාමරේ ඉපදී කෝටිපති වූ Mr.කොත්තුHITHUMATHE JEEWETHE(derana)-ගුවන් හමුදාවේ විශ්‍රාමික ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරීHITHUMATHE JEEWETHE(derana)-ගුවන් හමුදාවේ විශ්‍රාමික ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරීHithumathe Jeevithe | NETH FM Balumgala ගහපු Chatura කතාව | අමූලික බොරැවක් | TALK WITH SUZIKAHithumathe Jeevithe | NETH FM Balumgala ගහපු Chatura කතාව | අමූලික බොරැවක් | TALK WITH SUZIKAහිතුමතේ ජීවිතේ ඔහු ඉන්න තැන ,,හිතුමතේ ජීවිතේ ඔහු ඉන්න තැන ,,Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With ChaturaDhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chaturaකුළියාපිටිය ගමක් කැලඹූ යුධ සෙබලා කපිල | WANESA TVකුළියාපිටිය ගමක් කැලඹූ යුධ සෙබලා කපිල | WANESA TV
Яндекс.Метрика