Загрузка страницы

Sri Kalakanni Jathikaya| ශ්‍රී කාලකණ්නි ජාතිකය | FTT

#FTT #SriKalakanniJathikaya #everyvotecounts
මෙවන් නිර්මාණයක් සම්බුදු තෙමඟුල දින ඉදිරිපත් කිරීමට නුසුදුසු බැවින් , FTT අපි එය දින කිහිපයක් ප්‍රමාද කර ප්‍රදර්ශනය කිරීමට තීරණය කලෙමු.

Lyrics :
----------------------------------

හෙළයා දෙමළා මරක්කලයා සේරම සතුටින් ඉන්නෙ
වෙසක් එකට දන්සල් වල එකම පෝලිමේ කන්නෙ
බෙග් අයියගෙ සිංදු වලට සිංහලයත් නැටවෙන්නෙ
අනාදිමත් කාලෙක ඉදලයි මුන් ටික පැවතෙන්නෙ

දමිළ අහිංසකයන් හට ප්‍රභාකරන් කෙලවනවා
මුස්ලිම් වුන් හට හෙළයා කෙලවන බව අගවනවා
සංහිඳියාවයි කියලා අලුත් නමක් අටවනවා
තිබ්බ එකම ඇති කරන්න බොරුවට බෙරිහන් දෙනවා

විරාමයක් අරගන්නයි දැන් සූදානම් වෙන්නෙ
තොරනෙ විස්තරේ අරගෙන ඉක්මනටම මම එන්නෙ
රටේ තිබ්බ සියලු තොරන් නිවිලා අද පවතින්නෙ
Ftt ඒක නිසයි තොරණක් මේ ලෙස දෙන්නෙ

ඇවිත් comment කරන්න බලලා share කරන්න
ඇවිත් comment කරන්න බලලා share කරන්න

ආධාරය කරයන්නෙ පනස්දහක් බැතිනිය
දිගුකල් වැජඹෙවා ඒ අම්බපාලි මැතිනිය
Sorry හංසමාලි මැතිනිය

මහේන්ද්‍රන් මහත්තයට මේ කල පිං අත් වේවා
සිංගප්පූරුවේ සැගවී ඉන්නට තව හැකි වේවා
ඊළඟ රජයෙන් තව තව හොද තනතුරු හිමිවේවා
බෑනා එක්ක කෝටි ගණන් වස්තුව තව හිමිවෙවා

යලිත් ආව සුමිතුර මෙන්න තොරණෙ විසිතුර
ජාතිවාදයට හොයමුද මේ තොරණෙන් පිළිතුර

රට යන හැටි හරි නැත වෙනසක් ඕනෑ ඇත
සහෝදරයො පන්නන්නට කාලය එළඹී ඇත
කියමින් මේ ලෙස බණේ පොරක් හොයන්නට වුණේ
දීලා රටටම හෙනේ ඌ පොළොවෙන් මතුවුණේ

අප්පච්චී පැරදී පිට වෙන්නෙ
ලක්ෂ හැට එකක් සිරාට දෙන්නෙ
යහපාලන රජයක් බිහි වෙන්නෙ
සමනළ සංධවනියයි ඇරඹෙන්නෙ

හොරු අල්ලලා නිම නැත ආර්ථිකය බිම ඇත
විල්පත්තුවේ භාගයක්ම තම්බියා කපලා ඇත
බදුර්දීන්ගේ බලේ රටේ ජනයා ගූ වලේ
බදුර්දීන්ගේ බලේ රටේ ජනයා ගූ වලේ

මහ බැංකුව හින්දුවා රට ගොනාට ඇන්දුවා
රවී වගේ උන් තව තව මැති සභයට රිංගුවා

අන්තවාදියෝ ලොකු පුටුවල දැන් ඉන්නෙ
උන්ගෙ වෛරයයි රටටම පතුරලා දෙන්නෙ
සුලු ජන නායකයො කියලා උන් වැජඹෙන්නෙ
උන්ගෙ ඡන්ද ටිකට තමයි මුන් ඇඹරෙන්නෙ

අගමැතිකම රැකගන්නෙ කොහොමද තමයි හිතන්නෙ
රටටම කෙලවුම දෙන්නෙ උබලට බලය තියෙන්නෙ

අගමැති ජනපති තැන ආරක්ෂක මුල් තැන
මුන් සේරම දැන දැන මහ විපතකි සිදුවුන

රටටම කෙලවී ගියා නායකයෝ ගෙට ගියා
ආර්ථිකේ යට ගියා සුද්දො ආය රට ගියා

තොරණේ විස්තරයට පොඩි තිතක් තියනවා
ආධාරය අරගන්නට හිතක් තියනවා
ඒ වෙනුවෙන් මං හොද ලොකු දතක් හොයනවා
දතක් හොයලා මිනිහාගෙන් ගලව ගන්නවා
ඉක්මනටම මම එනවා හනිකට ඇවිත් තියනවා

ශ්‍රී කාලකණ්ණි ජාතිකයයි මේ අරඹන්නෙ
ඉතුරු විස්තරේ හොද හැටි අහගෙන ඉන්නෙ
අහගෙන ඉදලා ඔලුවට අත ගහගන්නෙ
මේ ටික ඇහුවම කොහෙදෝ උඹලා යන්නෙ
කියලා හිතලා බලන්නෙ හිතලා ඉදලා බලන්නෙ

අහිංසකයො සංහිඳියාවෙන් ජීවත් වෙනු ඇත
අන්තවාදියෝ ගොන්කම තව තව පතුරනු ඇත
බදුර්දීන් හිස්බුල්ලා මරික්කාර් හිරිකිත
අන්තවාදයට පණ දී වුන්වම බේරනු ඇත

බෝම්බ ගෙඩි මතු වෙන්නෙ කඩු පල්ලිය පිලිකන්නෙ
මේ තරමට චයිනිස් කඩු චීනෙත් නෑ මම දන්නෙ

නංගිව බේරාගන්නයි තණකොළ කපලා යන්නයි
ඇඹිලිපිටියේ උක්කන්නයි තිබ්බේ මේ කඩු ගොන්නයි

යහපාලනයයි කියා නිදහස දෝරේ ගියා
ඒ අවසරයෙන් වුන් වුන් වුන්ගෙම පාරෙ ගියා

පිරිසක් සනසන්නට තම වුන් වනසන්නට
නොපසු බටව අපේ ඇමති මිරිකයි තම්බිගෙ ඇට

අන්තවාදයට නිදහස දුන්නෙ
එනමුදු සිංහලයා ඉවසන්නෙ
ගහගන්නට වුන් නෑ යලි යන්නෙ
ඒ හින්දයි රජයම ගස්සන්නෙ

ඉදල හිටල රට ගැන කැක්කුම ඇති මන්තිරියෙක් ඇති
වුන් කියනා දේ ඇහුවම රජයම විලි ලැජ්ජා වෙති
මුස්ලිම් සමහරු අතරෙත් යහපත් ගුණ මතු වී ඇති
ඒ වගෙ අය විතරක් රට වෙනුවෙන් ඉපදුනොතින් ඇති

මොළයක් නැති ඇමතිවරුන් තප්පුලනවා තරගෙට
සමහරු වුන් ගෙවල් ඇතුලේ එන්නෙ නෑ එළියට
තවත් එකෙක් බයේ ඉන්නෙ ඡන්ද කැඩෙයි දෝ හෙට
තීරණයක් ගමු වුන් ගැන කල් නොදමම අද හෙට

අගමැතියට ඕනෙ පනත සම්මත කර ගන්න මිතුර
ජනපතියා චීනෙ ගියා fb block කරලා නිතර
මේ සේරම ගොං ලොක්කන් තප්පුල පුල ඉන්න අතර
රටේ යහපතට ඇමතුවා කිහිප දෙනෙක් අතර පතර

මේ රට අරයගෙ රට නෑ මේ උඹලගෙ රට
අවමංගල්‍යයට ප්‍රිය කර මංගල පාදයි පොට

එක එකාට පටවලා රටට උගුල් අටවලා
කාණු කටා ඇමතිලා අපි දාමු ලගදි එලවලා

සොදුරු කාදිනල් තුමා භද්‍ය්ය හිමි යන් නමා
මැදගොඩ හිමි ඇතුලු සගුන් නමදිය හැක හිස නමා

ආයෙත් සුරතට අවියක බර අරගත්තෙ
සතර අතේ දැය රකිනා විරුවන් ඇත්තෙ
වුන්ම තමයි මේ මව් රට බේරා ගත්තෙ
අනාගතෙත් වීර පුතුන් අදමයි ඇත්තෙ

වදිමු සෙබළුනි අපගේ පොලිස් විරුවනි අපගේ

අන්තිම කොටුවෙහි තාමත් මොනවත් නැත්තෙ
ඉතුරු දේශ පාලුවො එය අදිමින් ඇත්තෙ
උඹලා තමයි ඉදිරියෙ තීරණ ගත යුත්තෙ
උන්ට රගන්නට දෙනවද තව මතු මත්තෙ

හිතලා තීරණ ගන්න ඔබලම එය ඇදගන්න
හිතලා තීරණ ගන්න ඔබලම එය ඇදගන්න

Видео Sri Kalakanni Jathikaya| ශ්‍රී කාලකණ්නි ජාතිකය | FTT канала FTT
Показать
Комментарии отсутствуют
Введите заголовок:

Введите адрес ссылки:

Введите адрес видео с YouTube:

Зарегистрируйтесь или войдите с
Информация о видео
20 мая 2019 г. 21:21:27
00:22:23
Яндекс.Метрика