Загрузка...

රක්වාන ගග දිගේ රක්වාන නගරයට ගිය රස්තියාදුව,

රක්වාන නගරයේ ඉදලා කිලෝමීටර 12 -13 විතර ගියාම තමයි සුරියකන්ද හමුවෙන්නේ. පුදුම තරම් ලස්සන වංගු බහුල මාර්ගයක් තමයි මේ ගමනේදී හමුවෙන්නේ. වැලමිට වංගු 10 තියෙනවා, ඒවා 18 වංගුවට දෙවැනි නෑ.
හැමදාම කොන්ක්‍රීට් වනාන්තර වල දුවිලි කකා ඉන්න අපිට මේ ගමන මහත් සාශ්වාදයක්ම උනා.
අපි රැයක් නතර වෙලා හිටියේ Sky deck කියන නැවතුමේ. ඒක තේ වත්තක් මැද තියෙන කුඩාරම් සමුහයක්. හොද සැපපහසුකම් සහිතව මේ කුඩාරම් සකස් කරලා තියෙනවා, හොදට ඉඩ ඇතුව 3 දෙනෙකුට විතර කරදරයක් නැතුව ඉන්න පුළුවන්. කොහොම උනත් දවසකට එක කණ්ඩායමකට විතරක් නවාතැන් දෙන නිසා නිදහසේ කැමති විදියකට ඉන්න පුළුවන්.
මෙතන පාලනය කරන්නේ "ජනක" හරිම මිත්‍රශීලි පුද්ගලයෙකු වන ජනක කිසිම අඩුපාඩුවක් නැතුව අපිව බලාගත්තා. සියලුම ආහාර වෙලා ඔහු සකස් කරදුනා වගේම උදේට දෙන English breakfast එකනම් අමතක වෙන්නේ නෑ. ජනකගේ BBQ, Bite ඔක්කොම හරිම රසයි.
ඔයාලත් දිනක් දෙකක් ගතකරන්න යනවනම් ජනකට කෝල් එකක් දෙන්න. 077 819 9977 තමයි එයාගේ දුරකථන අංකය.
අපිත් ආයේ යනවා ලගදීම දවසක.

#traveling #trip #nature #waterfall #location #seekers #history #amazing #camping #nightcamping #singharajaya #jungle #river

Видео රක්වාන ගග දිගේ රක්වාන නගරයට ගිය රස්තියාදුව, канала Seekers
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять